А¶ёа·џа¶ґа·’а¶є А·ђа¶±а·ља¶їа¶±а·џа·ђ-а¶ёа·ђа¶§ А¶ґа·’а¶єа·џа¶§ А·ђа¶їа·’а¶± А¶ња·џа¶®а·џ-dasamaseuddikaro-ammat Thathat Wadina Gatha-mawata Piyata Wadeema -
පිතා චරණ පංකජං - වන්දාමි සිරසා සහං
පසඟ පිහිටුවා මව්පියන්ට වැඳීම අපේ සංස්කෘතියේ තිබෙන උතුම්ම පුණ්‍යකර්මයක්. අපව මෙලොවට බිහිකරන්නට මවක් විඳින දුකත්, අපව පෝෂණය කරන්නට පියෙක් දරන වෙහෙසත් අතිමහත්ය. බුදු දහමට අනුව මව්පියන් යනු "ගෙදර බුදුන්" හා සමානය.
මව්පියන්ගේ ආශිර්වාදය ලබන දරුවාගේ ජීවිතය කිසිදා වරදින්නේ නැත. ඔවුන්ගේ සිත සතුටු කිරීමෙන් ලැබෙන පින මෙලොව මෙන්ම පරලොව යහපතට හේතු වේ.
මෙම ගාථාවෙන් කියවෙන්නේ දස මසක් කුසෙහි දරාගෙන, සිය ලේ කිරි කර පොවා අපව ඇති දැඩි කළ මෑණියන්ට කරන ප්‍රණාමයන්ය.